මේ කියන්න යන්නේ මම ඉස්සෙල්ලම තනියම කොලඹ ගිය ගමන ගැන. A/L ඉවර කරල ගෙදර ඉන්න කාලෙ හැදුනා පිස්සුවක් graphic ඉගෙන ගන්න. මාතර පඳුරක් පඳුරක් ගානේ කොම්පියුටර් ක්ලාස් තිබුනත් කොල්ලට හිත නෑ ඒවට යන්න. බෝඩිමක නැවතිලා ඉඳගෙන බස් එකේ චාටර් වෙවී කොලඹ ඉන්න එක තරමක කට්ටක් උනත් ඒ කෙන් ලැබෙන අසීමිත නිදහස ගැන හිතන කොට මාර සනීපයක් දැනුනෙ (ඉස්කෝලෙ ඉඳන් හචිමක් ඇරියත් ඇහෙන දුරින් අපේ ගෙදර තියෙන්නේ. එතකොට මට තිබුන නිදහස ගැන හිතා ගත්තැකිනෙ). ඒත් මම තනියම කොලඹ ගිහින් නෑනේ ඒ පාර කතා කලා මගේ අතිජාත මිත්‍රය සෑම් ට මිනිහත් එක පයින්. ඌ ඊට කලින් ඇතිවෙන්න කොලඹ ගිහින් පුරුදුයි. ඔන්න ඉතින් දෙන්න කොලඹ ඇවිත් බැස්ස බම්බා වල. දැන් අම්බානට බඩගිනි. මම කිව්ව සෑම්ට අපි කමු ගමේ කඩෙන් කියල. ඒක තිබුනේ MC එහාපැත්තේ බව මට මතකයි. එහෙම කියල දැන් අපි යනව MC එකේ ඉඳල දෙහිවල පැත්තට. යනව යනව විනාඩි 5ක් විතර ගියා. කඩේ නෑ. ඔන්න සැවෝයි එකත් පහු උනා. දැන් මට මල. සෑම් කියනව තව යමන් කියල. තව ටිකකින් ඉස්සරහ බෝර්ඩ් එකක් පේනව විලියම් ග්‍රයින්ඩින් මිල්ස් කියල. මම සෑම් ගේ මුන බැලුව මේකා හිනා වෙනව මගේ ශ්‍රී මුඛයෙන් සංශුධ්ධ සිංහල වචන වැලක් පිට උනා......
කතාව ඉවර නෑ..........
No comments:
Post a Comment