මම කොලඹදී ඉස්සෙල්ල නැවතුනේ කළුබෝවිල. සෑම් එයාගේ මාම කෙනෙක්ගේ ගෙදර පන්නිපිටියේ. ඒ නැන්දා ග්‍රාම නිලධාරී කෙනෙක්. හරි වසයි, නීතියට වැඩ. එයා තමයි අපිට ක්ලාස් එක හොයලා දුන්නේ. කිරුලපනේ හන්දියේ පොඩි ක්ලාස් එකක්. සතියේ දවස් 5ම ෆුල් ටයිම් (උදේ 8 හවස 5). අයිතිය ගෑනු කෙනෙක්ට. නම මතකයි ඒත් නොකිය ඉන්නම්. එයා නිතරම කතා කරන්නේ කාන්තා විමුක්තිය ගැන. ගෑනු ලමයින්ගේ හැකියාවන් දක්ශතාවයන් ගැන තමයි කියවන්නේ. (අපිත් එක්ක නෙවෙයි) ක්ලාස් එක පොඩි උනාට එතන පාවිච්චි කලේ නියම ඉගැන්වීම් ක්‍රමයක්. තියරි, ලෙක්චර්ස් නෑ. මුලින්ම දුන්න සිංහල නවකතා පොතක් මුලුමනින්ම ටයිප් කරන්න. පොත ඉවර වෙන කොට ටයිපින් ස්පීඩ් එක උපරිමයි ( අපිත් ඉවර කලා මැද පිටු 50ක් 60ක් අඩුවෙන්.) ඊලඟට එක එක ජාතියේ ඇඩ්, සබන්, ටූත් පේස්ට් කවර දුන්න ඒක බලාගෙන එ විදියටම corel draw වලින් අඳින්න කියලා. මූලික ටික කියල දුන්නට පස්සේ ඒව හදන්නේ අපිට හිතෙන විදියට. අපි කැමති ක්‍රම වලට. ඒ හදන අතරෙ තමයි ඒවගෙ තියන අඩුපාඩු, සහ නියම පහසු ක්‍රම කියල දෙන්නේ. ආයි මලාට අමතක වෙන්නේ නම් නෑ. ක්ලාස් එක පොඩි උනාට ඒ ඉගෙන ගත්තු ටිකෙන් තමයි තාම මේ වැඩ දාන්නේ. පලවෙනි දවසෙම වැඩ ඉවර උනාම කොම්පියුටර් එක කෙලින්ම ස්විච් එකෙන් ඕෆ් කරන්න කිව්වා (shut down කරන්නේ නැතුව ). අපිත් ඉතින් මුකුත් නොදන්න ගානට. ඕෆ් කරල අවා.ඊට පස්සෙන්දා ඔන් කරන කොට blue screenඑකක් එනවනේ ඒක ආවම කියනවා ආ ගනන් ගන්න එපා enter කරල යන්න කියල. එතන හිටියා ටිකක් තරුණ ටීච කෙනෙක්... මොකද දැන් උඹලා කට හදන්නේ? තාම මුකුත් කිව්වෙත් නෑ. කැත හිත. ඒ ටීච එතන ඉන්න අනිත් අයත් එක්ක වැඩිය කතා බහක් නෑ. ටිකක් අමුතුයි. අපේ අම්මගෙ වචන වලින් කියනව නම් බැද්දට බයවෙච්ච වගේ. ප්‍රශ්නයක් ඇහුවත් බාගෙට තමයි උත්තර
සමහර වෙලාවට උගන්නන ඒවත් අපිට එච්චරම මීටර් වෙන්නෙ නෑ. පස්සෙ තමයි අපිට තේරුනේ එයත් අපිට වඩා දෙයක් graphic ගැන දන්නෙ නෑ කියලා. ඒ උනාට ඉතින් අපි හරි හොඳ ලමයිනේ ඒක නිසා අපි එයාව වැඩිය නෝන්ඩි කලේ නෑ. ටික වෙන්න තමයි. කොහොම හරි එයා අපිත් එක්ක හොඳටම ෆිට් උනා. කොච්චර ෆිට්ද කියනව නම් වැස්ස දවසට එයාගේ කුඩේ යටින් බස් හෝල්ට් එකට ගිහින් දාන ගානට.
ඒ ක්ලාස් එකේ අපි corel නේ ඉගෙන ගත්තේ ඊලඟට අපි යනව photoshop හොයාගෙන ඒ ගමන නතර වෙන්නේ විජය ග්‍රැෆික්ස් එකේ ඇත්තටම කිව්වොත් නතර උනා නෙවේ අපිව අල්ලල නවත්ත ගත්තා වගේ. එතනට ගිය මුල්ම දවසේ තමයි මට තේරුනේ marketing වලට තියන ශක්තිය එතනට ගිහින් අපි කතාකලේ මිස්ට බුලත්සිංහල කියල කෙනෙක්ට. අපිට කියන්න ලැබුනේ photoshop කියල විතරයි එතනින් එහාට අපි වචනයක් වත් කිව්වෙ නෑ අපිට පැය 2ක විතර ලෙක්චර් එකක් ලැබුනා. photoshop වලින් පටන් ගත්ත කතාව illastrator, indesighn හරහා premiere, 3d max, maya වෙනකන්ම ගියා, අපිට නිකන් ග්‍රීක් වගේ අන්තිමට රුපියල් 12000ක කෝස් එකක් කරන්න ගියපු අපි දෙන්නා එලියට ආවේ රු 73000ක කෝස් එකකට ඇඩ්වාන්ස් දීල
No comments:
Post a Comment