ඔන්න ඉතින් හා හා පුරා කියල මමත් බ්ලොග් එකක් පටන් ගත්තා...
ඔක්කොටම ඉස්සෙල්ල කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් කියල ඉන්නම්.. ලොක්ක වගේ පටන් ගත්තට මම වැඩිය ලියන එකෙක් නෙවෙයි. හැබැයි ඉතින් මේක රහ වැටුනොත් මොනව ලියවෙයිද දන්නෙත් නෑ (ප්‍රවේසමෙන් hikz) කොහොම උනත් සමහර වෙලාවට හිතට එන දේවල් ලියන්නත් තැනක් තියන එක හොඳයි. මොකෝ ඩයරියෙ ලිව්වොත් අම්මගෙන් බේරගන්නයැ. (අප්පා හිතට එන එව්ව. මගේ වෙලාවට අම්ම මේක බලන්නෑ).
බ්ලොග් එක හදන්න පටන් ගත්තෙ අද (05/01/2012) උදේ 10ට දැන් තමයි වචනයක් ලියන්න ඉඩක් ලැබුනෙ. අද රෑ වැඩ. දෙයියනේ කියල මේ සති දෙක තුනේම අඩු නැතුව කට්ට කන්න night සෙට් උනා. වෙලාවකට එපාආආආ වෙනව. ඒත් ඉතින්... සාක්කුවටත් හොඳයි නොවැ.. :-D
මේකට නමක් හිතන්නත් වරුවක් විතර ගියා මොනව නැතත් නම ලස්සනට තියෙන්න එපාය. අන්තිමට හිතල හිතල තෝරගත්තෙ අපේ අජිත් අයිය මීට අවුරුදු දෙකකට කලින් අපේ showroom එකට දාන්න කියල ලියල දීපු නම් වලින් එකක්. (අජිත් අයිය ගැන පස්සෙ කියන්නම්). showroom එකේ නම "ආවර්ජනා" (ඒක ගැනත් පස්සෙ කියන්නම්) "හී සරය....." එයා නම් මේකට තේරුම් ගොඩක් කිව්වා. ඒත් මම මේක තෝර ගත්තෙ "වදින තැනකට" කියන අදහසත් එක්ක. -- හී සරය.... වදින තැනකට -- හොඳයි නේද?
එහෙනම් ඉතින් කස්ටිය අද ඉඳලා මගෙ මෙව්ව එක කියවන්න ලෑස්ති වෙන්න.. කස්ටිය කිව්වට තාම මේකෙ මොකෙක්වත් නෑ. (පස්සෙ එන්නෙ නැතෑ.)
ජය වේවා කිව්ව එහෙනම්.....

මේකෙ 9.24 AM කියල තියෙන්නෙ මගේ pc යෙ වෙලාව වැරදිල ඇත්තටම මේක 9.24 PM වෙන්න ඕන...
ReplyDelete