Search This Blog

Thursday, January 26, 2012

කොලඹ ගියෙමි 2 - ගෙන්දගම් පොලොව...

මම කොලඹදී ඉස්සෙල්ල නැවතුනේ කළුබෝවිල. සෑම් එයාගේ මාම කෙනෙක්ගේ ගෙදර පන්නිපිටියේ. ඒ නැන්දා ග්‍රාම නිලධාරී කෙනෙක්. හරි වසයි, නීතියට වැඩ. එයා තමයි අපිට ක්ලාස් එක හොයලා දුන්නේ. කිරුලපනේ හන්දියේ පොඩි ක්ලාස් එකක්. සතියේ දවස් 5ම ෆුල් ටයිම් (උදේ 8 හවස 5). අයිතිය ගෑනු කෙනෙක්ට. නම මතකයි ඒත් නොකිය ඉන්නම්. එයා නිතරම කතා කරන්නේ කාන්තා විමුක්තිය ගැන.  ගෑනු ලමයින්ගේ හැකියාවන් දක්ශතාවයන් ගැන තමයි කියවන්නේ. (අපිත් එක්ක නෙවෙයි) ක්ලාස් එක පොඩි උනාට එතන පාවිච්චි කලේ නියම ඉගැන්වීම් ක්‍රමයක්. තියරි, ලෙක්චර්ස් නෑ. මුලින්ම දුන්න සිංහල නවකතා පොතක් මුලුමනින්ම ටයිප් කරන්න.  පොත ඉවර වෙන කොට ටයිපින් ස්පීඩ් එක උපරිමයි ( අපිත් ඉවර කලා මැද පිටු 50ක් 60ක් අඩුවෙන්.) ඊලඟට එක එක ජාතියේ ඇඩ්, සබන්, ටූත් පේස්ට් කවර දුන්න ඒක බලාගෙන එ විදියටම corel draw වලින් අඳින්න කියලා. මූලික ටික කියල දුන්නට පස්සේ ඒව හදන්නේ අපිට හිතෙන විදියට. අපි කැමති ක්‍රම වලට. ඒ හදන අතරෙ තමයි ඒවගෙ තියන අඩුපාඩු, සහ නියම පහසු ක්‍රම කියල දෙන්නේ.  ආයි මලාට අමතක වෙන්නේ නම් නෑ. ක්ලාස් එක පොඩි උනාට ඒ ඉගෙන ගත්තු ටිකෙන් තමයි තාම මේ වැඩ දාන්නේ. පලවෙනි දවසෙම වැඩ ඉවර උනාම කොම්පියුටර් එක කෙලින්ම ස්විච් එකෙන් ඕෆ් කරන්න කිව්වා (shut down කරන්නේ නැතුව ). අපිත් ඉතින් මුකුත් නොදන්න ගානට. ඕෆ් කරල අවා.ඊට පස්සෙන්දා ඔන් කරන කොට blue screenඑකක් එනවනේ ඒක ආවම කියනවා ආ ගනන් ගන්න එපා   enter කරල යන්න කියල. එතන හිටියා ටිකක් තරුණ ටීච කෙනෙක්... මොකද දැන් උඹලා කට හදන්නේ? තාම මුකුත් කිව්වෙත් නෑ. කැත හිත. ඒ ටීච එතන ඉන්න අනිත් අයත් එක්ක වැඩිය කතා බහක් නෑ. ටිකක් අමුතුයි. අපේ අම්මගෙ වචන වලින් කියනව නම් බැද්දට බයවෙච්ච වගේ. ප්‍රශ්නයක් ඇහුවත් බාගෙට තමයි උත්තර
 සමහර වෙලාවට උගන්නන ඒවත් අපිට එච්චරම මීටර් වෙන්නෙ නෑ. පස්සෙ තමයි අපිට තේරුනේ එයත් අපිට වඩා දෙයක් graphic ගැන දන්නෙ නෑ කියලා. ඒ උනාට ඉතින් අපි හරි හොඳ ලමයිනේ ඒක නිසා අපි එයාව වැඩිය නෝන්ඩි කලේ නෑ. ටික වෙන්න තමයි. කොහොම හරි එයා අපිත් එක්ක හොඳටම ෆිට් උනා. කොච්චර ෆිට්ද කියනව නම් වැස්ස දවසට එයාගේ කුඩේ යටින් බස් හෝල්ට් එකට ගිහින් දාන ගානට.

ඒ ක්ලාස් එකේ අපි corel නේ ඉගෙන ගත්තේ ඊලඟට අපි යනව photoshop හොයාගෙන ඒ ගමන නතර වෙන්නේ විජය ග්‍රැෆික්ස් එකේ ඇත්තටම කිව්වොත් නතර උනා නෙවේ අපිව අල්ලල නවත්ත ගත්තා වගේ. එතනට ගිය මුල්ම දවසේ තමයි මට තේරුනේ marketing වලට තියන ශක්තිය  එතනට ගිහින් අපි කතාකලේ මිස්ට බුලත්සිංහල කියල කෙනෙක්ට. අපිට කියන්න ලැබුනේ photoshop කියල විතරයි එතනින් එහාට අපි වචනයක් වත් කිව්වෙ නෑ අපිට පැය 2ක විතර ලෙක්චර් එකක් ලැබුනා. photoshop වලින් පටන් ගත්ත කතාව illastrator, indesighn හරහා premiere, 3d max, maya වෙනකන්ම ගියා, අපිට නිකන් ග්‍රීක් වගේ අන්තිමට රුපියල් 12000ක කෝස් එකක් කරන්න ගියපු අපි දෙන්නා එලියට ආවේ රු 73000ක කෝස් එකකට ඇඩ්වාන්ස් දීල

Sunday, January 8, 2012

කොලඹ ගියෙමි

                මේ කියන්න යන්නේ මම ඉස්සෙල්ලම තනියම කොලඹ ගිය ගමන ගැන. A/L ඉවර කරල ගෙදර ඉන්න කාලෙ හැදුනා පිස්සුවක් graphic ඉගෙන ගන්න. මාතර පඳුරක් පඳුරක් ගානේ කොම්පියුටර් ක්ලාස් තිබුනත් කොල්ලට හිත නෑ ඒවට යන්න. බෝඩිමක නැවතිලා ඉඳගෙන බස් එකේ චාටර් වෙවී කොලඹ ඉන්න එක තරමක කට්ටක් උනත් ඒ කෙන් ලැබෙන අසීමිත නිදහස ගැන හිතන කොට මාර සනීපයක් දැනුනෙ (ඉස්කෝලෙ ඉඳන් හචිමක් ඇරියත් ඇහෙන දුරින් අපේ ගෙදර තියෙන්නේ. එතකොට මට තිබුන නිදහස ගැන හිතා ගත්තැකිනෙ). ඒත් මම තනියම කොලඹ ගිහින් නෑනේ ඒ පාර කතා කලා මගේ අතිජාත මිත්‍රය සෑම් ට මිනිහත් එක පයින්. ඌ ඊට කලින් ඇතිවෙන්න කොලඹ ගිහින් පුරුදුයි. ඔන්න ඉතින් දෙන්න කොලඹ ඇවිත් බැස්ස බම්බා වල. දැන් අම්බානට බඩගිනි. මම කිව්ව සෑම්ට අපි කමු ගමේ කඩෙන් කියල. ඒක තිබුනේ MC එහාපැත්තේ බව මට මතකයි. එහෙම කියල දැන් අපි යනව MC එකේ ඉඳල දෙහිවල පැත්තට.   යනව යනව විනාඩි 5ක් විතර ගියා.  කඩේ නෑ. ඔන්න සැවෝයි එකත් පහු උනා. දැන් මට මල. සෑම් කියනව තව යමන් කියල. තව ටිකකින් ඉස්සරහ බෝර්ඩ් එකක් පේනව විලියම් ග්‍රයින්ඩින් මිල්ස් කියල. මම සෑම් ගේ මුන බැලුව මේකා හිනා වෙනව මගේ ශ්‍රී මුඛයෙන් සංශුධ්ධ සිංහල වචන වැලක් පිට උනා......


කතාව ඉවර නෑ..........

Thursday, January 5, 2012

ඔන්න ඉතින් හා හා පුරා කියල මමත් බ්ලොග් එකක් පටන් ගත්තා...

        ඔක්කොටම ඉස්සෙල්ල කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් කියල ඉන්නම්.. ලොක්ක වගේ පටන් ගත්තට මම වැඩිය ලියන එකෙක් නෙවෙයි. හැබැයි ඉතින් මේක රහ වැටුනොත් මොනව ලියවෙයිද දන්නෙත් නෑ (ප්‍රවේසමෙන් hikz) කොහොම උනත් සමහර වෙලාවට හිතට එන දේවල් ලියන්නත් තැනක් තියන එක හොඳයි. මොකෝ ඩයරියෙ ලිව්වොත් අම්මගෙන් බේරගන්නයැ. (අප්පා හිතට එන එව්ව. මගේ වෙලාවට අම්ම මේක බලන්නෑ).

        බ්ලොග් එක හදන්න පටන් ගත්තෙ අද (05/01/2012) උදේ 10ට දැන් තමයි වචනයක් ලියන්න ඉඩක් ලැබුනෙ. අද රෑ වැඩ.  දෙයියනේ කියල මේ සති දෙක තුනේම අඩු නැතුව කට්ට කන්න night සෙට් උනා. වෙලාවකට එපාආආආ වෙනව. ඒත් ඉතින්... සාක්කුවටත් හොඳයි නොවැ.. :-D

       මේකට නමක් හිතන්නත් වරුවක් විතර ගියා මොනව නැතත් නම ලස්සනට තියෙන්න එපාය. අන්තිමට හිතල හිතල තෝරගත්තෙ අපේ අජිත් අයිය මීට අවුරුදු දෙකකට කලින් අපේ  showroom එකට දාන්න කියල ලියල දීපු නම් වලින් එකක්. (අජිත් අයිය ගැන පස්සෙ කියන්නම්). showroom එකේ නම "ආවර්ජනා" (ඒක ගැනත් පස්සෙ කියන්නම්)  "හී සරය....." එයා නම් මේකට තේරුම් ගොඩක් කිව්වා. ඒත් මම මේක තෝර ගත්තෙ "වදින තැනකට" කියන අදහසත් එක්ක. -- හී සරය.... වදින තැනකට -- හොඳයි නේද?

       එහෙනම් ඉතින් කස්ටිය අද ඉඳලා මගෙ මෙව්ව එක කියවන්න ලෑස්ති වෙන්න.. කස්ටිය කිව්වට තාම මේකෙ මොකෙක්වත් නෑ. (පස්සෙ එන්නෙ නැතෑ.)


ජය වේවා කිව්ව එහෙනම්.....